St. Anthony of Padua

Image

පාදුවාවේ තාරුකාව

1195-1231

සා. අන්තෝනි මුණි- චරිතාපධානය

චණ්ඩ මාරුතය සමඟ ඉතා වේගයෙන් හැමු ප්‍රචණ්ඩ උදම් රළ රුවල් නැව ක්ෂණයෙන් මුහුදු පතුලට ගෙන ගියේය. ඝන අඳුරු, කොළ පැහැති ගැඹුරු  සයුරු පතුලේ වැදී තාපසයාගේ සිරුර......වැලි අතර සැඟවින. කුඹගසේ කොඩිය පමණක් ඈත සිතිජයේ මලානිකව ලෙළ දෙමින් තිබිණ. " රුගිරෝ "  උණ රෝගයෙන් පෙළෙමින් සිටි  තම මිතුරාගේ දුර්වල සිරුර, මුහුදු පතුලින් වෙරළට ගෙන ආහ........ඒ  "සිසිලි" වෙරළයි, තැන තැන විසිරී ගිය  නැවේ..... සුන්බුන් අතර සිරව සිටි, මරණයෙන් පුදුමාකාර ලෙස ජිවිතය දුටු තාපසයාගේ සිරුර ; ජිවිතය යදිමින් සිටියේ ය. ඒ සොඳුරු තුරුණු තාපසයා "අන්තෝනි" නම් විය.
 

ජිවිතයේ කිප වරක් මරණයෙන් උපන් මේ පුද්ගලයා, ලොව එළිය දකින්නේ.. වර්ෂ 1195 අගෝස්තු 15, දෙව්මව්න් ස්වර්ගාරෝපිත මංගල්‍යය දිනයේදි; ෆර්ඩිනන්ට් යන නමින්, වංශවත් බෝලින් පරපුරින්, ලිස්බන් නුවරදිය. ආණ්ඩුකාර මාටින් ද බෝලින් ෆර්ඩිනන්ට් ගේ පියා වු අතර, මව... ඔස්ට්‍රියා රජ පෙළපතේ මාරි තෙරේසා. ආණ්ඩුකාර පියා කුඩා ෆර්ඩිනන්ට්ව  රණ ශුරයෙක්, ලිස්බන් අධිපතියෙක් කරන්න ලිස්බන් ආසන දෙව්මැදුරේ පාසලට ඇතුල් කරනවා. ඒ ලිස්බන් පාලක අල්පෝන්සෝ රජතුමාගේ විශේෂ නියෝගයක් මත, එත්...

 ෆර්ඩිනන්ට පුජකවරයෙක් වෙන්න ඕන වෙනවා. එයා පියාගේ නොකැමැත්ත මත...... එහෙත්, පියා විසින් සොයා දෙන දෙව්සත්හලකට  ෆර්ඩිනන්ට්ව ඇතුල් කෙරේනවා. ඒක වංශවත් පියවරුන් තමන්ගේ ගෞරවය රැක ගන්න දරුවන්ව යොමු කරවන සුපිරි තරු පංතියේ රාජකීයන්ගේ දෙව්සත්හලක්. ඒහෙයින්ම දෙමව්පියන් සේවක සේවිකාවන් , නිතර නිතර යන්න එන්න පටන් ගන්නවා .

ෆර්ඩිනන්ට් දෙව්සත්හල වෙනස් කරනවා. ඔහු දැන් කැනන් රේගියුලර් නිකායේ පියතුමෙක්. මෙන්න මේ කාලයේ කලීෆ් කියලා වාද භේද කාර  මිත්‍යා දෘෂ්ටිකයෙක් කිතු
නුවන්ට දැඩි ලෙස පිඩා ගෙන දෙනවා. ඔහු විසින් කෲර ලෙස ඝාතනය කරනු ලැබූ ෆ්‍රැන්සිස්කානු වන වාසි  ප්‍රාණපරිත්‍යාගීන්ගේ  සිරුරු ෆර්ඩිනන්ට් පියතුමා දකිනවා.

ෆර්ඩිනන්ට් පියතුමා මෙවර නිකාය වෙනස් කරනවා... සුමුදු, සුමට, සුදුපාට ලෝගුව වෙනුවට, සිරුරට දරාගත නොහැකි බරින් යුත්, රළු ගෝනියෙන් නිම කළ; වනාන්තර ෆ්‍රැන්සිස්කානු පූජක ඇඳුම ලාගන්නවා....

එත් සමගම නමේ වෙනසක් ඇති වෙනවා ෆර්ඩිනන්ට්
පියතුමා "අන්තෝනි" නමින් දෙවන වරට බෞතිස්ම වෙනවා... ඒ වර්ෂ 1220 දී ''කොයින්බ්‍රාවේ'' වන ගත  අන්තෝනි  තාපසාරාමයේ.

අන්තෝනි තුමා කලිෆ් ව හමුවීමට මොරෝක්කෝවට නැව් නගිනවා...ඒ මිතුරු රුගිරෝ සමගින්. එත් දෙවියන්වහන්සේ තරුණ අන්තෝනිට කලි
ෆ්ව මුණ ගැහෙන්න දෙන්නේ නෑ... කලිෆ් දරුණු උණ රෝගයක් වැළඳ ජිවත් වෙනවා....අන්තෝනිතුමන්ටත් දරුණු උණ වැළඳෙනවා. මා කළින් ප්‍රරාම්භයේ සදහන් කළ කුණාටුව විසින්, සිසිලීයට ගෙන එන අන්තෝනි තුමා ටික දිනකින් සුවය ලබනවා.

දිනක් තාපසයා දකිනවා දහස් සංඛ්‍යාත තාපසයින් පිරිසක්, මුහුණ බිමට හොවාගෙන සන්සුන් ගමනින් හිස් දෙපතුලින්, වනාන්තරය මැදින් යනවා. ඒ පා සලකුණු වලට අන්තෝනිතුමන්ගේ පා සලකුණු මුහු වෙනවා....

මේ අසිසියේ ෆ්‍රැන්සිස්තුමන්ගේ තුන්වන ධර්ම සංඝායනාව. අන්තෝනි
තුමන්ට හඬක් ඇසෙනවා.."මාගේ රාජගුරු ප්‍රසාදිතුමා... එන්න '' ඒ අසිසියේ ෆ්‍රැන්සිස් තුමා... අසිසියේ ෆ්‍රැන්සිස් ලිස්බන් අන්තෝනිට නව තනතුරක් දෙනවා.....ඒ කුස්සියේ වළන් පිඟන් සෝදන්න, තාපසයින්ට සාත්තු කරන්න, නිවාඩු වෙලාවට පල්ලිය පිරිසිඳු කරන්න.

පෘතුගීසි, ලතින්, ග්‍රීක්, හේබ්‍රේව්, අරාබි, ස්පාඤ්ඤ,මොරොක්කෝ, ඉතාලි, ප්‍රංශ, ජර්මන් භාෂාවන්හි පරිණතයෙකු වු තිස් හැවිරිදි අන්තෝනි තුමා; වර්ෂ 1220 දී   වෙරෝනා හිදී ශුද්ධවු කුරුසය ගැන දේනාවක් කරනවා.ඒ එතුමන්ගේ ගමනේ සුවිශේෂි ආරම්භයයි.

කොයින්බ්‍රාවේ ශුද්ධ වු කුරුසයේ දෙව්සත්හලින් පටන්ගත් සේවය, වෙරෝනා, අසීසි, මොන්ටිපාලෝ බොලොන්ඥ, ප්‍රංශ,රොමානා ආදි ප්‍රදේශ දක්වා විහිදෙනවා....

පූජාප්‍රසාදිවරයෙක් තාපසයෙක්,දේශනාවාදියෙක්, තර්කවාදියෙක්, දිළින්දන්ගේ මිතුරෙක්, ප්‍රාතිහාර්‍යපාන්නෙක් ලෙස ප්‍රසිද්ධ වෙන එතුමාණෝ; පාදුවාවට පැමිණෙනවා.එකල පාදුවාව ධනවතුන් විසින් දුප්පතුන් කොල්ල කෑ අධර්මයෙන්, මැරකමින් හා පාදඩයයෙන් පිරි නගරයක්. එහි පාලකයා වෙරෝනාහි ''ඇසිලිනෝ'' . පාදුවාවේදි අන්තෝනි තාපස තුමා දැඩි ලෙස  දේශනා කළා..,මිනිසුන්ගේ, පාලකයින්ගේ ගේ සිත් වෙනස් කළා. අවනීතියෙන් සිරගත වුවන් නිදහස්  කර ගත්තා. පාදුවාව ක්‍රමක්‍රමයෙන් ශුද්ධවත් කළා. පාදුවාවේ නීතිය අලුතින් ම සැදුවා...

දස දහස් සිත් සුවපත් කලත්, කුඩා කල සිටම දුර්වල සිරුරකට හිමිකම් කී අන්තෝනි තාපසතුමා; එතුමාගේ මරණය කලින් දැක්කා. සැෆියෝ  සැන්ෆියරේ හීදි දිව්‍ය බිළිඳුන් දෝතට තුරුලු කරගත් එතුමා, ගොගල්  නම් වාදභේදකාරයාගේ  කොටළුවා නැගිට්ටවු එතුමා... නැවත නොනැගිටින්න ඇඳට වැටුනා. ඒ.. 1231 ජුනි 13, දසතින්ම කළුවර වැටෙන  අළුපාට හැන්දෑවක. තාපස සොයුරන් වට කර ගත් එතුමා ''අර්සේල්ලා'' තාපසාරාමයේදී ජිවිතයේ 36 වන වියේදි, ඩ්‍රොප්සි රෝගයෙන් ජිවිතයට සමු දුන්නා. 

මියයන විට අන්තෝනි තුමා ෆ්‍රැන්සිස්කන් සභාවේ නායකයා. දේහය ඊලඟ අඟහරුවාදා භූමදාන කළා... එතුමා මියගොස්  මාසයක් ගතවන්නට කලින් එතුමාගේ නම ශුද්ධවන්ත නාම ලේඛනයට ඇතුලත් කළා..

එතුමා මිය ගොස් වසර 32 කට පසු දේහය යළිත් ගොඩ ගනු ලබනවා,ඒ එතුමා නමින් පාදූවාවේ  ඉඳිවූ නව බැසිලිකාවඅස්ථි කොටස් තැන්පත් කරන්න. එතුමාගේ දිරාපත් සිරුර අතර "දිව" නොදිරා ජිවත්ව සිටියදී මෙන් රතු පැහැයෙන් දිළිසුනා ... තවමත් එය එසේමයි.

වර්ෂ 1232 මැයි 30 වන දා ස්පොලෝටෝ ආසන දෙව් මැදුරේදි 9 වැනි ග්‍රෙගරි පාප්තුමන් විසින්, එතුමන් ශුද්ධවරයට ඔසවනු ලැබුවා.ලෝකයේ ගොඩනැගුණු දෙව්මැදුරු අතර, ශ්‍රි ලංකාවේ...වහකෝට්ටේ, කොච්ච්කඩේ සහ කඩලානේ ශාන්ත අන්තෝනි යන දෙව් මැදුරු ප්‍රධාන තැනක් උසුලන්නේ අගල් 6 ක් පමණ උස් වු  ආශ්චර්‍යමත් පිළිම වහන්සේ තිනමක්, එකී දෙව්මැදුරු ත්‍රිත්වයේ වැඩ වසන නිසාවෙනි.

"අහෝ ආශිර්වාද ලත් දිව, ඔබ නිතරම දෙවියන් වහන්සේට ප්‍රශංසා කලා. අන් අයවද ,එසේ කිරිමටද පෙළෙඹුවා. අපට දැන් තේරෙනවා ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබ කොතරම් උසස්ද කියලා" ඒ ගෞරවණීය බොනවෙන්චර් හිමිපාණෝ ශාන්ත අන්තෝනි මුනිතුමා ප්‍රශංසා  කළ වචන......

 

ශාන්ත අන්තෝනි මුනිතුමනි,අප නිසා යාච්ඤා කළ මැනව !