Parish of Indibedda

  • image

ශුද්ධ වු බ්ලාසියුස් මුනිඳුන්ගේ දෙව්මැදුර
                                  ඉඳිබැද්ද ,කටුගස්තුඩුව (1913)                

(ශාන්ත අන්තෝනි දෙව්මැදුරේ පරිවාර දෙව්මැදුර)

 

අර්මිනියා ප්‍රදේශයේ කිතුණු නොවන පවුලක ඉපිද, තුරුණු වියේදි වෛද්‍යවරයෙකුට, පසුව කිතුණු පියතුමකු - රාජගුරු ප්‍රසාදිවරයෙකුව, ක්‍රිස්තුස්  වහන්සේ ගේ අනුගාමී වීම හේතුවෙන්ම සිරගතව......,ක්‍රි.ව.317 දී හිස ගැසුම් කා ප්‍රාණපරිත්‍යාගීවරයෙකුව මියගිය, ශුද්ධවු සභාව ''ස්වරාලය'' හා ''හඬ'' සම්බන්ධ රෝගාබාධයන්ට සහනදායක මුණිවරයා ලෙස ප්‍රකාශයට පත්කළ, ශුද්ධ වු  බ්ලාසියුස් මුනිඳුන්ගේ පිහිට පතා වාර්ෂිකව දෙව්මැදුරට ඇදෙන කිතුණු නොවන බැතිමතුන්ද විශාල පිරිසකි.

පෙබරවාරි මස පළමුවන ඉරුදින සිය මංගල්‍ය පවත්වන ඉඳිබැද්ද දෙව්මැදුර, ගෞරවණීය ජේ.එච්.මැසනෝල් පියනමගේ පාලන සමයේ බිහිවිය.පාවුළු පෙරේරා මහතාගේ පළමු ඉඩම් කොටස් සහ ධන පරිත්‍යාගයෙන් ගොඩනැගි ගෞරවණීය ජේ. ට්‍රොන්සි පිය පාලන සමයේ විශ්මයාර්ථ ලෙස ඉදිකිරීම් නිමවන ලදී.

 

වෛද්‍ය සි.එල්.එක්ස්.මුතුකුමරු,ටයිටස් ලිවේරා,එස්.සි.ප්‍රනාන්දු යන අයගේ නම් අතීත ඉඳිබැද්ද දෙව්මැදුර හා බද්ධව පවතී.
ඉඳිබැද්ද ශුද්ධවු බ්ලාසියුස් මුනිදුන්ගේ දෙව්මැදුර
සඳහා ,දැනුම, ධනය,ශ්‍රමය,ඉඩකඩම් හා සංවිධාන ශක්තිය පුදකළ සියල්ලන්ට..... මව් දෙව්මැදුරේ ප්‍රණාමය.

(දිව්‍ය පුජාවන් හා නොවානයන් සදහා සතියේ වැඩ සටහන් විස්තරය බලන්න.)