Societies

Image

දේවස්ථානය හා සම්බන්ධ සමිති සමාගම් රාශියකි .

ධර්මදුත ළමා සමාජය

තේමාව - "ජේසු ගැන ඉගෙන ගන්න , ජේසු වගේ ජිවත් වන්න, ජේසු ගැන කියා දෙන්න"

කුඩා ධර්මදුතයින් බිහි කරනු වස් වර්ෂ 1992 ඔක්තෝම්බර් මස 10 වන,දින එවකට මීසම් පාලනාධිපති ව සිටි ගෞරවණීය ප්‍රියන්ත ප්‍රනාන්දු පියතුමාගේ මැදිහත් විමෙන් ඇරඹි කුඩා මිශ්‍ර ළමා සමාජයකි.


දහමින් හා දහම් දැනුමෙන් පිරි අනාගත පරපුරක් බිහි කිරිම මෙන්ම, සියලුම දරුවන්ගේ සැඟවුණු දක්ෂතා ඔප් නැංවිමට දිරි දිම, ප්‍රධාන අරමුණු වන අතර ඒ මඟ ජය ගනිමින් නර්තන , නාට්‍ය, කථික තරඟ වලින් දිසාවෙන් අත්කරගත් ජයග්‍රහණ රැසකි.


සාමාජීක වයස් සීමාව අවුරුදු 6 සිට 14 දක්වා වන අතර ඉහත සදහන් කල පුද්ගල සංවර්ධන ක්‍රියාවලියට අමතරව,සුසාන භූමිය පවිත්‍ර  කිරිම , සමිති සමාගම් වල උත්සව අවස්ථාවන් සදහා විශේෂාංගයන් එළි දැක්විම , චතාරික, නත්තල් හා මංගල අවස්ථාවන් වලදි හැකි ලෙස සහයවිම මෙම ළමා සමාජයේ දැක්මයි

ශාන්ත ඇලෝසියස් පුදසුන් සේවක සමිතිය

තේමාව - "දෙවියන් වහන්සේට සේවය කිරිම තුළින් දරුවන් යහ මග ගැන්විම"

බොහෝ කාලයක සිට විවිධ පියවරුන් යටතේ,පුදසුන් සේවයට යොමු  දරුවනට "ශා.ඇලෝසියස් පුදසුන් සේවක සමිතිය"යන නම හිමි වුයේ 1982 එවකට ගෞරවණීය මිසම්  පාලනාධිපතිව සිටි මර්වින් ප්‍රනාන්දු පියතුමාගේ පාලන සමයේදිය.

පිරිමි ළමා සමාජයක් ලෙස දෙව්මැදුර තුල ව්‍යවස්ථාගත මෙම පුංචි සමිතියේ සමාජික වයස් සීමාව අවුරුදු 10 සිට 16 දක්වා වන අතර වඩාත් යහපත් වූද:,දෙවියන්ට ප්‍රසන්න වූද,දරුවන් පිරිසක් බිහි කිරීම හා හෙට දින ගෞරවණිය පූජාප්‍රසාදිවරුන් සභාවට තිළිණ කිරිම අනාගත අරමුණයි.

දිව්‍ය පූජාවන් වලදි පියතුමාට සහාය විම මෙන්ම,දෙව්මැදුරේ ශ්‍රමදාන කටයුතු වලදී ද,කුසලතා එළිදැක්විම් වලදී ද ප්‍රමුඛ වන මෙම සමිතියෙන් සභා කෙතට දායාද කළ "කඩලානේ" පියවරුන් රැසකි.

තරුණ ක්‍රිස්තියානි ශිෂ්‍ය ව්‍යාපාරය

තේමාව - "අපි විප්ලව නොකරමු විප්ලවය අපි වෙමු."

වර්ෂ 1990 දී ගරු ලෙනාඩ් වර්ණකුල සහයක පියතුමාගේ මැදිහත් වීමෙන් ආරම්භ කරන ලද මෙම ශිෂ්‍ය ව්‍යාපාරය 1998 දී ගරු ලෙස්ටර් නෝනිස් සහයක පියතුමාගේ මඟ පෙන්වීම යටතේ වඩාත් පෝෂණය වූ නව යොවුන් ව්‍යාපාරයකි.

 "මා" පිළිබඳ ඉතා පුළුල් වූද, ඉතා ගැඹුරු වූද, ස්ව අධ්‍යාපනයෙහි යෙදෙමින්,ගතිගුණ පෞරුෂය හා සුචරිතය ගොඩනඟා ගැනිමට නිරන්තරයෙන් සිය මාසික රැස්විම් වලදි සමාජිකයින් මෙහෙය වමින් වඩා යහපත් වු පූර්ණ දිවියකට මඟ හෙළිකර දිම මෙම තරුණ ක්‍රිස්තියානි ශිෂ්‍ය ව්‍යාපාරයේ විශේෂත්වයයි.

අවුරුදු 14 සිට 19 දක්වා වයස් කාණ්ඩ වල භද්‍ර යෞවන යෞවනියන්ට විවෘත මෙම කිතුණු කවයේ වගකිම් අතර අලේලූයියා සෙනසුරාදා ගිනි මැලය දැල්වීම,පාසල් දුවා දරුවනට නව වසර සඳහා පොත් පත් ලබා දිම,සමිතියේ කැපී පෙනෙන අංගයකි.

මාධ්‍ය ඒකකය

තේමාව - "තුරුණු සවිය නවීන තාක්ෂණය තුලින් සමිදාණන්ට"

වර්ෂ 2008 ජුනි 03 වන දින එවකට මීසම් පාලනාධිපතිව සිටි ගෞරවණීය ප්‍රසාද් පෙරේරා පියතුමාගේ මැදහත්කමින් ආරම්භවවර්ෂ 2010 සිට වත්මන් මීසම් පාලනාධිපති ගෞරවණීය ලලිත් පෙරේරා පියතුමාගේ මඟ පෙන්විම යටතේ දිනෙන් දින වර්ධනය වන ඒකකයකි.  

දෙව්මැදුරේ  සුවිශේෂි හා මංගල අවස්ථාවන් හිදී ජනතාව සුපුවතට වඩාත් ලංකරලීම, දිව්‍ය පුජාවන් හිදී සැදැහැවත් ජනතාව දෙවිදුන් වෙතට යොමුකරලිම ප්‍රධාන සේවාවක් ලෙස ව්‍යවස්ථාගත මාධ්‍ය ඒකකය වයස අවුරුදු 15 සිට යෞවන යෞවනියන්ට විවෘතව පවති.

සමිති මානසිකත්වයෙන් තොරව යාවත්කාලීන වෙමින්, දිසාවේ මාධ්‍ය ඒකකය සමග එක්වෙමින්,දිනෙන් දින ඉදිරියට යන මෙම ඒකකය වඩාත් සුවිශේෂි වනුයේ නවින තාක්ෂණයේ අතැඹුලක් සේ ගත්, අප මීසමේම යෞවන යෞවනියන් මාධ්‍යය ඒකකය මෙහෙයවන නිසාවෙනි

ශාන්ත අන්තෝනි තරුණ සමිතිය

තේමාව - "තුරුණු වියේ සවිබලය යොදා නවමු ලොවක් මිහිතලයේ මවා"

වර්ෂ 2011 සැප්තැම්බර් 23 ගරු ෆීලික්ස් ශාන්ත සහයක පියතුමන් යටතේ ස්ථාපිත ශා.අන්තෝනි තරුණ සමිතිය වයස අවුරුදු18 සිට 30 දක්වා වු අවිවාහක යෞවන යෞවනියන්ට වෙන්වු තුරුණු සමිතියකි.

කෙළිලොල් යෞවනයේ මිහිරියාව ඔස්සේ සිය වගකිම්,යුතුකම් අමතක නොකරමින් තුරුණු ජේසුගේ මනුසත් බව සමාජයේ ජිවත් කරමින් වගකිම් දැරිය හැකි,සමාජයට ඵලදායි ජිවිතයේ මැදපෙළක් බිහිකරලීම මෙම සමිතියේ ප්‍රධාන දේහ ලක්ෂණයයි.

මිසම් ජනතාවගේ එකමුතුකම වර්ධනයට වාර්ෂිකව සංවිධානය කෙරෙන සිංහල අවුරුදු උළෙල,සරුංගල් තරඟය,වෙසක් දන්සල,ක්‍රිකට් තරඟ, සුහද හමුව වැනි තාරුණ්‍යයේ බාහිර ක්‍රියාකාරකම් සමඟ දෙව්මැදුරේ ශ්‍රමදාන කටයුතු, විභාග සඳහා ඉදිරිපත් වන සිසු සිසුවියන් වෙනුවෙන් පැවැත්වෙන විශේෂ යාච්ඤා මෙහෙයන් ආදිය සංවිධානය කිරිම මෙම සමිතියේ විශේෂ ලක්ෂණයයි.

ශාන්ත සිසිලියා ගායනා කණ්ඩායම

තේමාව - "අපේ තුරුණු හඬ ගැයුමෙන් වැයුමෙන් දෙවිදුන්ට"

වර්ෂ 1987 නොවැම්බර් 22 එවකට මීසම් පාලනාධිපතිව සිටි ගෞරවණීය බර්ට්‍රම් රංජිත් පියතුමාගේ මැදිහත්කමින් ආරම්භ වී 1992 සිට,එවකට සහය මීසම් සේවක ගරු නිහාල් පෙරේරා පියතුමා යටතේ වඩාත් සක්‍රීය වු සමිතියකි.


වයස අවුරුදු 18 සිට යෞවන යෞවනියන්ට විවෘතව, ව්‍යවස්ථාගත ශාන්ත සිසිලියා ගායනා කණ්ඩායම, අප දෙව් මැදුරේ විශේෂ මංගල මෙහෙයන් හීදී, නුවාන හා මංගල, අවමංගල අවස්ථා මෙන්ම, ඉඳිබැද්ද ශු.බ්ලාසියුස් මුනිතුමන්ගේ දෙව්මැදුරේ එක් මංගල දිව්‍ය පූජා මෙහෙයක් ආවරණය කිරිම එම ගායනා කණ්ඩායමේ ප්‍රධාන කාර්යභාර්යයි.


ශුද්ධවු අන්තෝනි මුනිඳුන්ගේ පිහිටාරක්ෂක සමිතිය

තේමාව - "ගරු පියවරුන්ගේ අනුශාෂකත්වය පදනම් ව , මීසමට ඵලදායි සේවාවක්"

වර්ෂ 1911 ජූනි 14 දින ගෞරවණිය එල්.පී.ගිරො නි.ම.නි පියතුමාගේ අභිමථාර්තය ලෙස උපන් මෙම සමිතිය අවුරුදු 18 සිට වු පුරුෂාර්ත සමිතියකි. දෙව්මැදුරේ සහ මීසමේ අධ්‍යාත්මීක කටයුතු වලට ප්‍රමුඛස්ථානය ලබා දෙමින් ගරු මීසම් සේවක පියවරුන්ගේ අනුශාසකත්වය හා මගපෙන්විම යටතේ මීසමට සේවය කීරිම ඔවුන්ගේ පරමාර්ථයයි.

ශුද්ධවු අන්තෝනි මුනිඳුන්ගේ පිහිටාරක්ෂක සමිතියෙන් දෙව්මැදුරට සිදුවු  සේවාවන් අතර කල්වාරි ප්‍රතිමාව, නැගිට වදාළ ප්‍රතිමාව ඇතුලු බොහෝ ප්‍රතිමාවන්ද , දෙව්මැදුරේ වාර්ෂික මංගල්‍ය වෙනුවෙන් ප්‍රතිමා රථ ලබාදීමෙන් ද, පෙරහැර සංවිධානය කිරීමෙන් ද ළදරු පාසලක් ආරම්භ කරමින් කුඩා දරුවන්ට කරන සේවය ප්‍රශංසා කටයුතුය.

ආගමික සේවාවන් අතර 1966 වසරේදී ශාන්ත අන්තෝනි මුනි නුවානය ආරම්භ කිර්‍රිමෙන් දෙව්මැදුරට වඩාත් ඵලබර කර ජනතාව අතරට ගෙනයෑම දෙව්මැදුරට කරන ලද සුවිශේෂී සේවාවකි.

ශාන්ත දොන් බොස්කො සමිතිය

තේමාව - "මානව සංවර්ධනය තුළින් කිතුතුමන් සමග සමාජයට"

වර්ෂ 1963 අගෝස්තු මස 04 දින එවකට මිසම් පාලනාධිපති ගෞරවණිය ජුලියස් ව්ජේසූරිය පියතුමාගේ අභිමතය පරිදි බිහි වූ ශා.දොන් බොස්කෝ තරුණ සමිතිය වත්මන් මීසම් පාලනාධිපති ගෞරවණීය ලලිත් පෙරේරා පියතූමාගේ යටතේ ශා.දොන් බොස්කෝ සමිතිය නමින් වත්මන් දෙව්මැදුරේ දියත් වන ක්‍රියාශීලී , නිර්මාණාත්මක සහ දිනෙන් දින යාවත්කාලීන වන සමිතියකි.


ආගමීක කටයුතු වලට මුල් තැන දෙමින්,සමාජ ක්‍රියාකාරී සමිතියක් ලෙස ස්ථාපිත මෙම සමිතියේ සමාජික වයස් සීමාව අවුරුදු 18 සිට ඉහළට වන අතර සමාජ සේවා,ආපදා,ක්‍රීඩා,ආගමීක හා අධ්‍යාපනික යන සතරවිද ස්ථරයෙන් සක්‍රීයව,වත්මනේ ගවලෙන,සත්ප්‍රසාද මණ්ඩපය/රථ,මංගල පිවිසුම් තොරණ පමණක් නොව, ලේ දන්දීමේ ව්‍යාපාරයන්,කාලීනව පැන නගින ඩෙංගු මර්ධන,අක්ෂි සායන,වෛද්‍ය සායන,පවත්වමින් කඩලාන ශාන්ත අන්තෝනි විදුහලේ සිසු සිසුවියන්ට නොමිලේ නිළ ඇදුම්,පොත්පත් ලබා දෙමින් උඳුවප් නත්තල් අසිරිය වැනි ප්‍රාසාංගික නිර්මාණ වලින් මීසම එකලස් කරමින් යාවත් කාලීන වන සමිතියකි...

දෙමාපිය සංගමය

තේමාව - "අද දරුවෙකු වු හෙට දෙව්මැදුරේ වැඩිහිටියන් නිසිමං ගන්වමු"

වර්ෂ 2006 අප්‍රේල්  30 වන දින ගෞරවණිය ප්‍රසාද් පෙරේරා පියතුමා විසින් ආරම්භ කරන ලද දෙමාපිය සංගමය දෙව්මැදුරේ කටයුතු වලට උපරිම සේවාවක් කරමින් දහම් පාසල් දරුවන්ගේ අධ්‍යාත්මය නංවාලිමට කැපවුණු සමිතියකි. මෙම සමිතියේ සමාජික වයස් සිමාව ඇරඹෙන්නේ වයස අවුරුදු 26 නි.

මෙම සමිතියේ සේවාවන් අතර , දහම් පාසල් දරුවනට කිරි විදුරුවක් හා බිස්කට් / බනිස්  ලබා දිම, ගුරු උපහාර උළෙලක් පැවැත්විම, දහම් පාසලට අවශ්‍ය ඩෙස් බංකු , කළු ලැලී, කබර්ඩ් වැනි දෑ ලබා දීම ප්‍රධාන තැනක් ගන්නා අතර මහා සිකුරාදා දෙව් මැදුරේ සුරුවම් ආවරණය කිරිම,

ආගමික භාණ්ඩ වෙළෙඳසැලෙහි ස්වේච්ඡා සේවාව සහා ආපනශාලාව පවත්වා ගෙන යමින් සියලුම මුදල් දහම් පාසලට බැර කිරිම ප්‍රශංසා කටයුතුය.

ක්‍රිස්තියානි පවුල් ව්‍යාපාරය

තේමාව - "මීසම තුළ කිතුණු පවුල දේව රාජ්‍යය කරා ගෙන යාම."

වර්ෂ 1995 අප්‍රේල් 06 දින එවකට මීසම් පාලනාධිපති ගෞරවණීය ප්‍රියන්ත ප්‍රනාන්දු පියතුමාගේ පාලන සමයේදී මෙම සමිතිය බිහිවිය

විවාහ වී වසර 5 පසු වූ යුවළවල් වලට සාමාජිකත්වය හිමිවන අතර දැකීම -විනිශ්චය,ක්‍රියාව තුළින් පවුලක් පවුලකට සේවය කිරීම හා ගලවා  ගැනීම, තරුණ සාමාජික යුවළවල්  සමගින් මීසම තුළ කිතුණු පවුල් දේව රාජ්‍යය කරා ගෙන යාම සමිතියේ අරමුණු අතර වේ.
ඒකක 28 ආවරණය කරමින් පෝෂණ වැඩසටහන් දියත් කරන ලද අතර ගෞරවණීය සුදත් අප්පුහාමි පිය පාලන සමයේ මෙම සංඝය පදවිය දක්වා දියත් කරන ලදී. දිව්‍ය සත්ප්‍රසාදය ලබන දරුවන් දැනුවත් කිරීම, ප්‍රසාද ස්නාපනය,අභිවෘද්ධි ආලේපනය ලබන දරුවන් දෙමාපියන් සඳහා වැඩමුළු පැවැත්වීම, විවාහ යළි ගොඩනැගීම පවුල් සැකසිම, විවාහ අපේක්ෂකයින් දැනුවත් කිරීම. දෙව්මැදුරට මෙතෙක් කරන ලද සේවාවන් වේ.

ක්‍රිස්තියානි පවුල් ව්‍යාපාරයට අනුබද්ධව වැඩිහිටි සැම විනෝද චාරිකාව රැගෙන යමින්, ඒ අය විනෝදගන්වමින් විවිධ ක්‍රියාකාරකම් සිදු කිරීම ක්‍රිස්තියානි පවුල් ව්‍යාපාරයේ බාහිර ක්‍රියාකාරකම් අතර වේ.

ශාන්ත ආනා ගායනා කණ්ඩායම

තේමාව - "දෙවිදුන් දුන් හඩින් අපි, එතුමන් ගුණ-යළි පසසමු"

වර් 2001 ගෞරවණිය ක්‍රිස්ටෝපර් මදුරාවල පියතුමාගේ අනුශාසකත්වයෙන් ඇරඹි මෙම මිශ්‍ර දෙව්මැදුරු ගීතිකා කණ්ඩායම තම හඬ පෞරුෂය දිනෙන් දින වර්ධනය කර ගන්නා සුවිශේෂි ගායනා කණ්ඩායමකි.

වයස අවුරුදු 25 සිට අවුරුදු 60 දක්වා වූ ශිල්ප ශිල්පිනියන්ගෙන් සැදුම්ලත් ශා.ආනා ගායනා කණ්ඩායම අඟහරුවාදා දිනයන් හී සවස 5.00 ශා.අන්තෝනි නුවානය ද, ගෞරවණිය පියෝ පිය නුවානයද උදෑසන දිව්‍ය පූජාව සහ සෙනසුරාදා සවස පූජාවද, විවාහ මංගල්‍ය පූජාවන් ද ආවරණය කරමින් ඉඳිබැද්ද ශු.බ්ලාසියුස් මුනිඳුන්ගේ දෙව්මැදුරේ උදෑසන 6.30 වාර්ෂික මංගල්‍ය දිව්‍ය පූජාව ද ආවරණය කරයි.

ශාන්ත වින්සෙන්ති ද පාවුලා සමිතිය.

තේමාව - "ආත්මීක හා ශාරීරික පුණ්‍ය ක්‍රියා මඟින් මීසම තුළ සහෝදර ප්‍රේමයෙන් යුතුව අසරණයින් නගා සිටුවීම"

වර්ෂ 1955 ජනවාරි 27 ගෞරවණීය ජේ.ට්‍රොන්සි නි.ම.නි පියතුමාගේ චින්තනය අනුව බිහි වූ ශාන්ත වින්සෙන්තිද පාවුලා සමිතිය වයස අවුරුදු 38 සිට 75 දක්වා වූ ස්ත්‍රී පුරුෂ මිශ්‍ර සමිතියකි. එක් කලෙක පුණ්‍යාංගනා සමිතිය යනුවෙන්ද හැඳින්වූයේ මෙම සමිතියයි.

ගෞරවණීය ජූලියස් විජේසූරිය,ටියුඩර් වනිගසේකර පිය සමයන් හීදී යළිත් බිහි වූ මෙම සමිතිය ජාතික සංගමය යටතේ ''කාන්තා කොන්ෂරසය'' නමින් ලියාපදිංචි වි ඇත.

ආත්මික සහ පුණ්‍ය ක්‍රියා සඳහා යොමුකරවිම ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ මංගල්‍ය අරඹයා පවත්වන රෝගීන්ගේ දිනයේ මූලිකත්වය ගෙන කටයුතු කිරිම දෙව්මැදුර වෙනුවෙන් කරන ලද සේවාවන් වන අතර, අධ්‍යාත්මික පෝෂණය සඳහා දිසාවෙන් පිටත දේවස්ථාන වෙත ගොස් විවිධ භක්ති අභ්‍යාසයන් හී නිරතවෙමින්ද, චතාරික දිනයන් හී පාදනමස්කාරය සංවිධානය කිරීම දෙව්මැදුරෙන් පිටත කරන ලද ආගමික සේවාවන්ගෙන් බිඳකි.

බාහිර ක්‍රියාකරකම් අතර විදෙස් ගත වූවන්ගේ ආධාර වලින් ගෙවල් සෙවිලි කිරීම, ව්‍යාපෘති සඳහා ආධාර දීම,සිසු ශිෂ්‍යත්ව සැපයීම,රෝගීන්ට කිරිපිටි සහ වියළි ආහාර සැපයීම ප්‍රධාන තැනක් ගනී.

නිර්දෝෂ දේවමාතා සමිතිය

තේමාව - "දෙව්මැදුරට හා සමාජයට සක්‍රීයව දායක වී දෙව්මව්නට කැපවී.... ඕ තොමෝ උදෙසා, වැයවිම."

වර්ෂ 1919 මැයි මස 31 දින ගෞරවණීය මිලිනරි නි.ම.නි පියතුමන්ගේ මැදිහත් විමෙන් බිහිවු ආත්මීක සමිතියකි.

එවකට දේවමාතා දරු සමාගම නම් වු මෙම සමිතිය ගෞරවණීය ජුලියස් විජේසුරිය පියතුමාගේ ඉල්ලීම මත නිර්දෝෂ දේව මාතා සමිතිය නම් විය. 

අවුරුදු 18 සිට ජීවිතාන්තය දක්වාම සාමාජීකත්වය හිමි නිර්දෝෂ දේව මාතා සමිතිය ජනවාරි 01 දා වෘත්තීන් ආසිරි ගැන්විමේ දිව්‍ය පුජාව පැවැත්වීම,

මහ සිකුරාදා දින තුන් පැය ධ්‍යානය සංවිධානය කිරිම ,ශ්‍රි මරණයේ ප්‍රතිමාව සජිවිකරණය, සතියේ සැම බදාදාවකදීම ජපමාලය උච්චාරණය කිරිම හා දෙව්මැදුරේ අවස්ථාවන්ට උචිත ලෙස උදව් කිරිම ආගමීක කාර්යයන් වන අතර,උත්සව සදහා සුවිශේෂි තොරණ , ශ්‍රමදාන , වියළි ආහාර බෙදාදීම , නිවෙස් අළුත්වැඩියා කිරිමට ද්‍රව්‍ය ලබාදීම සමාජ සත්කාර අතර වේ. 

ලෝක රාජේශ්වරියගේ ජ්‍යෙෂ්ඨ පිරිමි ප්‍රිසීඩියම

තේමාව - "ගෙන යනු මැන මරි මවේ අප සමිදානන් වෙතේ"

වර්ෂ 1954 සැප්තැම්බර් 20 ගෞරවණීය ජේ.ට්‍රොන්සි නි.ම.නි. පියතුමන් යටතේ දෙව්මැදුරේ ස්ථාපිත සමස්ථ ලෝක රාජේශ්වරියගේ ජ්‍යෙෂ්ඨ පිරිමි ප්‍රිසීඩියම හෙවත් මරිය හමුදාව අවුරුදු 40 සිට 65 දක්වා වැඩිහිටියන්ට වෙන්වු සමිතියකි.

සමාජිකයන්ගේ ආත්මීක පාරිශුද්ධත්වය ඇති කරගනිමින් ඒ තුළින් අන්‍යයන්ගේද ආත්මීක  පාරිශුද්ධය ලබා ගැනීමට යොමු කරවීම, මීසමේ ආගමික පෝෂණයට අත හිත දීම, සමාජීය හා සංස්කෘතික අවශ්‍යතා සපුරාලීම සමිතියේ අරමුණු වන අතර ගෘහ බැහැදැකීම , යාච්ඤා මෙහෙයන්,සක්‍රමේන්තු සඳහා යොමු කරවීම, ළමුන් සඳහා ධර්ම උපදේශය, වැඩිහිටි ධර්ම උපදේශය, දෙව්මැදුරින් ඈත් වූවන් යලි කැඳවීම, පවුල් ජපමාලය ප්‍රචලිත කරවීම, පුදුම පදක්කම ප්‍රදීපය පුවත්පත බෙදාහැරීම ,දෙව්මැදුරට මෙතෙක් කරන ලද සේවාවන් අතර  වේ.

දිසාවේ රෝහල්,ළමා නිවෙස්වල ශ්‍රමදානයන්, ඉල්ලීම් අනුව යාච්ඤා මෙහෙයන් පැවත්වීම දෙව්මැදුරින් පිටත කරන ලද සේවාවන් වන අතර වාර්ෂික වන්දනා ගමන්,වාර්ෂික සුහදහමු පැවැත්වීම,ඔවුන්ගේ බාහිර ක්‍රියාකාරකම් අතර වේ.

දිව්‍ය හෘද සමිතිය

තේමාව - "අපගේ හෘදයන් ඔබගේ දිව්‍ය හෘදයට සම කළ මැනව"

වර්ෂ 1937 දී ගෞරවණිය එල්.ඇම්.වී.තෝමස් ගරු පියනමගෙන් ආරම්භව, න්පසුව 1945 දී ඒ.ජේ.ඇම්.ලැම්බර්ට් පියතුමාගේ පාලන සමයේදී යළිත් ස්ථාපිත දිව්‍යහෘද සමිතිය දෙව්මැදුරේ තවත් එක් මිශ්‍ර සමිතියකි.

සෑම මසකම පළමු සිකුරාදා ශුද්ධවු පැය පැවැත්වී,සවස දිව්‍ය පූජාව සංවිධානය කිරීම. දේවස්ථානය මඟින් සංවිධානය කෙරෙන පුණ්‍ය කටයුතු වලට සහය දැක්වීම විවිධ වු ආගමික උත්සව , පෙරහැර සඳහා සහභාගි වීම දෙව්මැදුරට මෙතෙක් කරන ලද සේවාවන් අතර වේ.

රෝගීන් වෙත ගොස් යාච්ඤා කිරීම, වෙනත් අවශ්‍යතා සඳහා යැදීම,රාවතාවත්ත වැඩිහිටි නිවාසයේ නේවාසිකයින් සමඟ ශුද්ධවු පැය පැවැත්වීම, රාගම තේවත්තේ පැවැත්වෙන දිව්‍යහෘද රැළියට සහභාගි විම දෙව්මැදුරෙන් පිටත කරන ලද ආගමික සේවාවන් රැසකි.

'අසීපා' කුඩා කිතුණු සංඝය

තේමාව - "ලෝකයේ පරිවර්තනයට, මුහුන්වන සභාවක් වන්නට"

වර්ෂ 2006 ඔක්තෝම්බර් 17 දින ගෞරවණීය ප්‍රසාද් පෙරේරා පියතුමන්ගේ මැදිහත් වන ඇරඹි කිතුණු සංඝයකි . සමිතියක් නොවු 'අසීපා' ශ්‍රවකත්වයේ අරමුණු පසක් කරමින් , ප්‍රේමයේ හා විශ්වාසයේ ජිවිතයක් කරා කිතුණුවන් ගෙන යන ක්‍රමවේදයකි. 

ඇල්මැරුණු උදාසීන කිතුණුවන් අවධිකරමින් , ගිහිනායකත්වයට නිසි තැන දෙමින් අදිත්‍ය සාමාජයේදි කිතුතුමන් අත්දැකිමට යොමු කරමින් ඒ තුළින් ආදරයේ හා නව ශිෂ්ඨාචාරයක් කරා ජනතාව එතෙර කරවීම අසීපා තේමාවයි. එම අරමුණ කරා ගමන්ගන්නා මෙම සංඝයේ සමාජිකත්වයට කිසිදු වයස් සිමාවක් හෝ- ස්ත්‍රි පුරුෂ භේදයක් නොමැත

මීසම් ජනතාව ඉරුදින දිව්‍ය පුජාවට අර්ථවත් ලෙස සහාභාගි කරවිම. සහාභාගි වීමට උදව් කරවීම හා පැවරෙන අවස්ථාවලදි දිව්‍ය පුජාව සංවිධානය කිරිම . ඔවුන් ගේ ආගමික සේවාවන් වන අතර කුඩා කිතුණු සංඝයක් ක්‍රියාකාරි ලෙස පවත්වාගෙන යන , එම සංඝවල රෝගින් බැහැදැකිම් අවශ්‍යතාවය  මත සංඝ ගතව වියළි ආහාර එකලැස්කර , බෙදා දිම සමාජිය වගකිම් අතර වේ.

කිතුදන පුබුදුව

තේමාව - "මීසම් සංඝය තුල ජනවන්දනාව හා ප්‍රශංසාව"

වර්ෂ 1976 දෙසැම්බර් මස 08 වන දින ගෞරවණිය බෙනඩික්ට් ජයතිලක පියතුමා විසින් සමිතියක් ලෙස නොව ජිවිත ක්‍රමයක් ලෙස අප දෙව්මැදුර තුළ ස්ථාපිත කල මෙම සංඝය, ජේසු සමිදාණන්ව තම ජිවිතයේ එකම ස්වාමියාණන් ලෙස පිළිගැනිම හා තම ජිවිතයේ ස්වාමිත්වය එතුමන්ට බාරදිම දේව වචනයට මුල් තැන දීම සහ සාංඝීක ජිවිත ක්‍රමය අරමුණ කොට බිහිවිය.
කුඩා දරුවන්ගේ සිට වයෝවෘද්ධය දක්වා දිවෙන,ළමා,ශිෂ්‍ය,තරුණ තරුණි,මව්පිය,අංශ-අංශගතව 70 ව දශකයේ ගැඹුරු ක්‍රිස්තියානුව යනුවෙන් හැඳින්වුයේ ද මෙම සංගමයමයි.
මෙම සංඝයේ ආගමික සේවාවන් වන අතර ක්‍රිස්තුදාන සේවාව , රෝගින් බැහැ දැකිම,ගෘහ යාච්ඤා මැදිහත් විමේ සර්ව රාත්‍රික යැදුම් ප්‍රධාන තැනක් ගනි. නත්තල් උත්සව පැවැත්විම,පොත් ලැයිස්තු ලබාදිම , සිංහල අලුත් අවුරුදු උළෙල පැවැත්විම බාහිර ක්‍රියාකාරකම් වේ.