Sacred Relics

  • image

කඩලානේ ශා.අන්තෝනි දෙව්මැදුර සතු පෞරාණික භාණ්ඩ අතර පාදුවාවේ ශා.අන්තෝනි මුනිඳුන්ගේ ශ්‍රි ධාතු වස්තූන්  දෙකක් පිළිබඳව , ගෞරවයෙන් සටහන් කරමු.

 

ශා.අන්තෝනි මුනිඳුන්ගේ "ශ්‍රි ජිග්වා" ධාතුව (1887)


ශා.අන්තෝනි මුනිඳුන්ගේ "සම" ධාතුව නිදන්කල මෙම සුවිශේෂි මංජුසාව . කිතුණු ... නොකිතුණු බැතිමතුන්ගේ නොමළ ගෞරවාද්‍රයට පාත්‍රව පූජාසනය දකුණු පස සන්තන්තෝනි මණ්ඩපයේ වැඩහිඳි . 

(දෙව්මැදුරට ප්‍රධානය ගෞරවණිය එස්.ඩි. පාර්බෝස් පිය සමයේදී)
 
ශා.අන්තෝනි මුනිඳුන්ගේ "සළු" ධාතුව (2010)
2010 වර්ෂයේදි ඉතාලියේ සිට මෙරටට වැඩමවූ ශා.අන්තෝනි මුණි ධාතු ශා. අන්තෝනි දෙව්මැදුරු වලට  ප්‍රධානය කිරිමේ සත් කාර්‍යය යටතේ අප තිලිණ ලද මෙම "මුණිදුන්ගේ සළු කොටස " නිම කළ මංජුසාවද එම මණ්ඩපයේම වැඩහිඳි...
(දෙව්මැදුරට ප්‍රධානය- ගෞරවණිය ප්‍රසාද් පෙරේරා පිය සමයේදී) 
 
මෙම විඩියෝව භාගත කර නැරඹිය හැක...
 
පැරණි අල්තාරයේ සත්ප්‍රසාද මණ්ඩපය
සන්තන්තෝනි මුණි නුවානයේ පසුව , "අශිර්වාද මුණිපිළිරුව "වඩම්වන විශේෂ පීටිකාව (වත්මනේද භාවිතා වේ.)
දෙව්මැදුරේ පිටත පිලිරුව 
පාදුවාවේ තාරුකාව

 

ශාන්ත අන්තෝනි දෙව්මැදුරේ සංරක්ෂිත කෞතුක භාණ්ඩ

1. ආශ්චර්‍යමත් සන්තන්තෝනි පුංචි පිළිම වහන්සේ  (1740 -1818 )

(දෙව්මැදුරු ඉතිහාසයේ ප්‍රථම පිළිම වහන්සේ )

දිවයිනේ තව දෙව්මැදුරු 02 ක් පමණක් (කොච්චිකඩේ හා වහකෝට්ටේ) දැකිය හැකි අතීතයේ දී දෙව්මැදුර කැපකල, අඟල් 05 ක් පමණ උසින් යුත් පුංචි මැටි පිළිරුවකි. වාර්ෂික මංගල්‍ය පෙරහැර වීදි සංචාරයෙන් පසුව සැදැහවතුන් ආසිරි ගැන්විමට හා විශේෂ අවස්ථා වලදී පමණක් මණ්ඩපයෙන් පිටතට වඩම්මවන මෙම පිළිම වහන්සේ , දෙව්මැදුරේ දකුණු පස විශේෂ මණ්ඩපයක වැඩ සිටි.

2. වළලා ගොඩගත් ප්‍රාතිහාර්‍ය්යේ ප්‍රතිමාරත්නයය. 1918

(දෙව්මැදුරු ඉතිහාසයේ දෙවන පිළිම වහන්සේ)

 

 

බුරුල්ල කෝටු පල්ලියේ ප්‍රධාන පිළිම වහන්සේ ගෞරවණිය ජේ.එම්.ලැම්බර්ට් පියතුමා මෙම පිළිරුව ශාන්ත අන්තෝනි රූපකායට අසමාන යැයි සලකා පොළොවේ වළලන ලදුව සිදු වු සිද්ධීන් හා 1928 ගෞරවණිය ජේ.ඒ.එම්. මැසෝයර් පිය සමයේ "කඩලානේ පාස්කුව " පෙන්වීමට නොහැකි ලෙස මහා වැසි ඇද හැලෙද්දි දෙව්මැදුරේ වැසි ජලය එකතු වී ගලන මහා පීල්ලට පිළිම වහන්සේ අල්ලා වැසි නතර කළ බව ප්‍රලාපයක් නොව සත්‍යයකි. ඕ තොමෝ පුංචි පිළිම වහන්සේට ඉහළින් බුරුත , රට තේක්ක හා කළුවර ලීයෙන් තැනු අලංකාර මණ්ඩපයක වැඩසිටි....

(මණ්ඩපය එන්.එම්.ඒ. මැන්දිස් මහතාගේ නිර්මාණයකි.)

 

3. දේවමාතා පිළිම වහන්සේ 1883

 (දෙව්මැදුරු ඉතිහාසයේ තෙවන පිළිමනම )


බුරුත ලීයෙන් නෙළන ලද මෙම මරිය මාතාවන්ගේ පිළිරුව දෙව්මැදුරු වම්පස විශේෂ මණ්ඩපයක වැඩ සිටි.

 
4. ගම වටා විදි සංචාරය කෙරෙන ග්‍රාම ආරක්ෂක මුනිවර ප්‍රතිමාව.
 

(දෙව්මැදුරු වෙනුවෙන්ම නෙළන ලද ප්‍රථම පිළිරුව මෙන්ම ඉතිහාසගත වන හතරවන පිළිරුව )
 

1883 නෙලන ලද දේවමාතා පිළිම වහන්සේගේ ලක්ෂණයන්ට සමානව පරවර ජාතිකයෙකු විසින් පාදුවාවේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ ජීවමාන ප්‍රමාණයට  රට තේක්ක දැවයෙන්, සියුම් පරිකල්පනයෙන් යුතුව නිම කල ඉතා මටසිළුටු නිර්මාණයකි.මුනි ශිර්ෂය හා දෙ අත් ,ශුද්ධවු බයිබලය හා දිව්‍ය බිළිඳුන් වෙනම නෙළා මුනි සිරුරට බද්ධ කර ඇත. ප්‍රධාන ප්‍රතිමාවේ මුනි හිස දිව්‍ය බිළිඳුන් හිසට යොමු  වී තිබු බවත් , පසුව වීදී සංචාරයට සරිලන සේ වත්මන් තත්වයට කලාකාමී මොරටු වඩු කාර්මීකයින් පරිවර්තනය කළ බව පැරැන්නෝ පවසති. සිය වාරයකට වඩා ගම වටා පැදකුනු කළ මේ පිළිම වහන්සේ දෙව් මැදුරට වඩා කණිෂ්ට වනුයේ  වසර 10 කිනි.

 
 
05.පොඩි සීනුව (1835)

(පරණ  පල්ලියේ  මහා සීනුව)

දෙව්මැදුරේ වාර්ෂික මංගල්‍යය සහ විශේෂ දේව මෙහෙයන් අදටත් ගමට දැනුම් දෙන්නේ මේ පොඩි සිනුවයි. වර්ෂ 1985 ලොකු සිනුව ස්ථාපිත කරන ලදී.
 
7. කල්වාරියේ ප්‍රතිමාව 1921
අප  දෙව්මැදුර ඉදිරිපිට ස්ථාපිත කර තිබූ මෙම ශ්‍රි මරණය සිහි ගන්වන කල්වාරියේ ප්‍රතිමාව ගෞරවණීය ජේ.මිලිනරි පියතුමන්ගේ ඉල්ලිම මත ශාන්ත අන්තෝනි පිහිටාරක්ෂක සමිතියේ දෙව්මැදුරු තිළිණයකි. වර්ෂ 1932 සිට  ගෞරවණීය ලැම්බර්ට් පියතුමන්ගේ  ඉල්ලිම මත සුසාන භුමියේ නැවත ස්ථාපිත කරන ලදි.
  
 
8. පිත්තල පොල්තෙල් පහන.
අඩි 6 ,7"ක් පමණ උස පහන් වැටි 22ක් දැල්විය හැකි තැටි දෙකකින් යුත් ඝන පිත්තලින් නිම කල අලංකාර කිතුණු පොල්තෙල් පහනකි. දිවයිනේ ඉපැරණිම කිතුණු පොල්තෙල් පහන් වල ප්‍රමුඛ ස්ථානයේ වැජඹෙන මෙම පොල්තෙල් පහන කේ.කොරනේලිස් රේන්ද මහතාගේ පරිත්‍යාගයකි.
 
 
9 දේශනා කූඩු
 
විශේෂ  අවස්ථාවන් වලදී අදටත් ප්‍රයෝජනයට ගැනෙන ඉපැරණි හෙළ කිතුණු කැටයම් කලාවෙන්,සියුම් පරිකල්පනයෙන් හා විධිමත් ඉංජිනේරු තාක්ෂණයෙන් බිත්තිය මත සවිකල විශිෂ්ඨ නිර්මාණයකි. කේ.වලෙන්ති සිල්වා, එන්.තෝමස් ප්‍රනාන්දු හා මාෂල් ප්‍රනාන්දු ගේ තිළිණයයි.
 
10 ඥාන ස්නාන ජල බේසම

ප්‍රසාද ස්නාපනය සඳහා අද යොදා ගැනෙන මෙම , මොරටුවට අවේණික වු ශිල්ප ක්‍රම උපයෝගී කරගනිමින් විධිමත් පිරිත් දිමෙන් යාන්ත්‍රික ඇඳිමකින් යුතුව නිපදවු මෙම ඥාන ස්නාන ජල බේසම සි.එස්.එම්.මෙන්ඩිස් යුවළ ගේ පරිත්‍යාගයකි.

11.ශ්‍රි මරණ ප්‍රතිමාව


අතීතයේ සිහිගන්වමින් මහා සිකුරාදා තුන්පැය ධ්‍යානයේදි කුරුසියේ ලකුණු පෙන්වන පිළිරුව නිර්දෝෂ දේවමාතා සමිතියේ ප්‍රදානයකි.
 
 
12. 125 වන ජුබිලි සමරු ඵලකය 
 
දෙව් මැදුරේ 125 වන ජයන්ති සැමරුම් සිහිවටනයන් 150 වන ජයන්තියට සුරක්ෂිත කරමින් නවීන තාක්ෂණය ඔස්සේ කැරට් 24 රන් ආලේපිත CD තැටිවල තැටිගත කරමින් දෙව්මැදුරේ තැම්පත්  කර ඇති විශේෂ කුටීර ඵලකය