Historical Events

 1558

පළමු ශා.අන්තෝනි දෙව්මැදුර

ශා.අන්තෝනි දෙව්මැදුරක්, වර්තමාන ශු.එම්මානුවෙල් දෙව්මැදුරු සුසාන භූමීය අසල පිහිටි බිමක කටු මැටියෙන් ඉඳිකළහ

 1740-1796

දෙව්මැදුර වත්මන් බිමට ගෙන ඒම

 1818

පල්ලියට ඉඩම්

පල්ලිය වත්තේ මුල් භාගය (පැණිබණ්ඩියා වත්තෙන් පොල්ගස් 24ක ප්‍රමාණයක්) වන්නකුවත්ත මිටිවඩුගේ කොර්නේලිස් ප්‍රනාන්දු හා හිතවතුන් විසින් පරිත්‍යාග කරන ලදි.

 1846

පල්ලියට ඉඩම්

ළිඳමුලගේ පේදුරු සිල්වා රේන්දරාල විසින් ද,එම වසරේදීම,ජුවන් සිල්වා,ජුසේ සිල්වා,මරියා සිල්වා සහ තවත් අය පාර සඳහා ඉඩම් පරිත්‍යාග කරන ලදි.

 1862

පල්ලියට ඉඩම්

ෆ්‍රැන්සිස්කු ඩයස්, සිල්වෙස්ත්‍රී ඩයස්, මරියා සිල්වා ඇතුළු පිරිසද ඉඩම් පරිත්‍යාග කරන ලදි.

 1867

පල්ලියට ඉඩම්

තවත් ඉඩම් ප්‍රමාණයක් ළිඳමුලගේ පේදුරු සිල්වා, බස්තියන් ප්‍රනාන්දු ද ඉඩම් පරිත්‍යාග කරන ලදි.

 1867

සුසාන භූමිය සඳහා ඉඩම්

පේදුරු සිල්වා රේන්දරාල දෙව්මැදුරට ඔප්පු කළ බස්නාහිර ඉඩම් කට්ටිය පරිත්‍යාග කරන ලදි.

 1867

නව දෙව්මැදුරේ වැඩ ආරම්භ විම.

ඉතාලි ජාතික...ගෞරවණීය ප්‍රැන්සිස් බර්තියා පියනම නව දෙව්මැදුරට මුලපීරීය.

 1877

අළුත් අත්තිවාරමක් - මුල් ගලක්

වර්ෂ 1877 ජූනි 7 දින...මිසමේ සියල්ලෝම අත්තිවාරම් කැපිමේ මංගල්‍යට එක්විය.

 1881

අමිල ශ්‍රමය ...නොමිලේ මුනිඳුට,

දෙව්මැදුරේ බිත්ති නංවා නිමකල අතර,වහල-දොර ජනේල උළුවහු සඳහා රේන්ද මහත්වරුන් බොහෝ සේ උදව් කළහ...ළිඳමුලගේ පේදුරු සිල්වා යන නම ඉහළින්ම සඳහන් වේ.

 1882

අහස සිඹින, කන්ද උඩ පල්ලිය... තරු මුණිඳුට කැපකෙරේ..

පාදුවාවේ ශා.අන්තෝනි මුණිනමට කැපකරමින් ප්‍රථම මංගල දිව්‍ය පුජා යාගය සිදු කළහ.

 1886

දෙව් මැදුරේ බිමට සිමේන්ති දැමිම.


 1906

දෙව් මැදුරේ වහලට උළු දැමිම හා රීදී ජුබිලිය

 1916

දෙව් මැදුර ඉදිරිපිට ශ්‍රි මරණ ප්‍රතිමාව ස්ථාපිත කිරිම (එය දැනට සුසාන භුමියේ ස්ථාපිත කර ඇත)

 1932

රත්තරන් ජුබිලිය මේ වසරේ සිදුවිය.

 1937

වත්මන් සංක්‍රිස්තියන් කාමරය ගොඩනැගීම.

 1944

දෙව්මැදුර ගොඩනැගිමෙන් පසු සිදුවු විශාලතම ප්‍රතිසංස්කරණය රුපියල් 30,000 ක වියදමින් සිදුවිය.

 1949

දෙව්මැදුරට බෝහෝ ඉඩ-කඩම් මිලදි ගැනිම, ලැගුම් ගෘහයේ ඇති ලිඳ ඉදිකිරීම.

 1954

පරිවාර දෙව්මැදුරු

රුපියල් 40,000ක වියදමින් දැ අවුරුද්දක් තුල විශ්මයාර්ථ ලෙස ඉඳිබැද්ද දෙව්මැදුර සම්පුර්ණ විය . විල්ලොරාවත්ත දෙව්මැදුර විශාල කිරිම මරිය පාසලට ගොඩනැගිලි ලබා දිම මේ කාලයේ සිදුවිය.

 1958

දෙව් මැදුරේ 75 වන ජයන්තිය මේ සමයේ සිදුවිය.

 1961

රජයේ පාසල් වල ආගමික අධ්‍යාපනය අඩපණ වි තිබු යුගයක දහම් පාසල් පන්ති ඇරඹුනි.

 1982

දෙව් මැදුරේ 100 ජයන්තිය මේ කාලයේ සිදුවිය.

 1985

දිවයිනේ ප්‍රථම බයිබල් දැනුම මිනුම තරගයේ සමස්ත ලංකා ශුරතාව අප දෙව් මැදුරට හිමිවිය.

 1998

දෙව්මැදුරේ අනන්‍යය වු ඉපැරණි ජිව ප්‍රමාණ ශාන්ත අන්තෝනි ලී සුරුවමේ අනුරුවක් නිම කිරිම මෙතුමාගේ කාලයේදි සිදුවිය

 2008

125 ජුබිලි ජයන්තිය මේ කාලයේ සිදුවිය.